තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මෝටර් රථ නවයක් යතුරුපැදි 12 ක් කැබ් රථ 6 ක් හා ට්‍රැක්ටර් දෙකක් එම වාහන අතර වේ.
2022 වසරේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණනයකදී ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 800 කට අධික ප්‍රමාණයකින් 51 ක් අස්ථානගතවී ඇති බවට වාර්තාවකින් අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව වාහන 22 ක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ මහේෂ් හේවාවිතාරණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හයහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට තරම් වැදගත් තොරතුරක් ඔහුගේ ප්‍රකාශවලින් අනාවරණ වී නැතැයි ද දැනගන්නට ඇත.
ඔහු ප්‍රවාහන අධ්යක්ෂවරයා ලෙස එවකට වැඩ භාර ගත් දිනයේ සිට ගොනු නිසියාකාරව පවත්වාගෙන යන බවත් පැරණි ගොනු කිසිවක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් එනමුත් සති තුනක කාලයක් ඒ සඳහා ලබා දෙන මෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇතැයි දැනගන්නට ඇත.
ප්‍රවාහන අධ්යක්ෂවරයාගේ ප්‍රකාශයෙන්, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය නොවුණත් එලෙස අස්ථාන ගත වී තිබෙන එම වාහන විකල්ප ක්‍රමවේද ඔස්සේ විමර්ශන සිදු කර සොයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
(lankadeepa.lk - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.