ඥානසාර හිමිට විවෘත වරෙන්තු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර මින් ඉදිරියට ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට රජය ඉදිරියේ දී පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඊයේ (20) රාත්‍රී රූපවාහිනී නාලිකාවක විකාශය වූ කාලීන වැඩසටහනක දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේය.
"පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි."
ප්රශ්නය - පර්මිට් එක කාලයකට කලින්ම නතර වුණානේ ?
"ඒ ඇවිල්ලා පර්මිට් එක දෙනවා. වාහනය ගේන්න දෙන්නේ නෑ නේ. මන්ත්‍රීවරුන්ට නෙමෙයි. රජයේ සේවකයින්ට."
ප්රශ්නය - මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නතර කළේ ගෝඨාභය ජනාධිපතිතුමා?
"මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා. කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්... පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලත් නෑ. කියන්නෙත් නෑ."
ප්රශ්නය - ඔබතුමන්ලා ප්‍රතිපත්තියක් විදියට කිව්වද ? පාර්ලිමේන්තුවේ 225ටම අපි ආවට පසසේ වාහනයක් දෙනවා කිව්වද ? මට නම් අලුත් වාහන දෙනවා කියලා කියනවා මතක නෑ ?
"පාවිච්චි කරපු වාහන දෙනවා නම් හැමෝටම එක වර්ගයෙන් දෙන්න ඕනේ. එක මට්ටමින් දෙන්නත් ඕනේ. නැත්නම් ආය ප්‍රශ්නයක් මතුවෙනවා. බොහෝම පැහැදිලිව අපි කියපු ප්‍රතිපත්තිය වාහනයක් සම්බන්ධයෙන් වසර 5 සඳහා යම් වාහනයක් ලබාදෙනවා. පාවිච්චි කරන ක්‍රමවේදයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමා වාහනය පාවිච්චි කරලා වසර 5 අවසානයේ රජයට භාරදීලා යන එක. දෙක වාහනයේ එවකට වටිනාකම රජයට දීලා වාහනය තමන්ට හිමිකර ගන්න එක. ඒකේ වෙනසක් නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.