මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයාමින් සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ, 2023 වසරේ මාතර වැලිගම W15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
මෙම පෙත්සම අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (මාර්තු 10 වැනිදා) සලකා බැලීම සඳහා කැඳවනු ලැබිණි.
එහිදී, විනිසුරු මඩුල්ල නියෝග කළේ, වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වන දා යළි කැඳවන ලෙස ය.
අත්අඩංගුවට ගැනීම අත්හිටුවන කෙටි අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බව සඳහන් කළේය.
අදාළ සිද්ධිය පිළිබඳව සාක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇතැයි, ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයාට බලයක් නොමැති බවත් එය බල ශූන්‍ය නියෝගයක් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.
ඒ අනුව මහේස්ත්රාත්වරයාගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් කිසිවක් ලැබී නොමැති බව ය.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස යළි ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ "අද පෙරවරුවේ තමයි මේ නඩුකරයට අදාළ නඩු ගොනුව මගේ අතට පත් වූණේ. මේ පෙත්සම තුළ අන්තර්ගත කරුණු මොනවාද කියලවත් මම තාම දන්නෙ නෑ. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි ලබා දීමෙන් පසුව මේ පෙත්සම කරුණු තහවුරු කිරීම සුදුසුයි කියලා මම හිතනවා" යනුවෙන් වැඩ බලන සභාපති විනිසුරුවරයා පැවසීය.
යළි අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා "ස්වාමීනී... අඩුම ගානේ මගේ සේවාදයකයා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශවය විසින් පොරොන්දුවක්වත් ලබා දිය යුතුයි."යනුවෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දැක්වූ අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු වරයා "පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි" යනුවෙන් සඳහන් කළේය.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා, වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිසරයෙන්වරයකු මිය ගොස් තිබිණි.
මීට අදාළව පැවැත් වූ සාක්ෂි විභාගයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කළේය.
| BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.