එයාර් බස් නඩුවට නාමල්ට ඇප
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය.
"පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදුකර වෙළෙඳපොළට නිකුත් කරයි."
එවැනි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කළ විමසීමක දී ඊට පිළිතුරු ලබාදුන් වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ,
"අපේ රටේ සිදුවන තවත් එක් ජාවාරමක් තමා මේක. අපි පිරිසිදු කරපු ඒවා ගේනවා නොකරපු ඒවා ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම් මඟින් අපි හඳුනාගෙන තියෙනවා මාස 11 කම්පැනි තියෙන්නේ. 12 මාසේ ගිණුම් හදන්නේ නැතුව කම්පැනිය වහනවා. ඒ නිසා අපි අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රේගුව හරහා ලංකාව ඇතුළට එන ඒවා මේ වනවිටත් හඳුනාගෙන තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.