තෙල් මිල වැඩි වන නිසා සහන දෙන්නේ - නලින්ද
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නියෝග කර තිබේ.
පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය.
මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බවත් එයට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,
"අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන. එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා."
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයක් එලෙස යුද හමුදා සේවය හැරගොස් ඇති බවත් එය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.
පාතාල ක්‍රියාකාරකම්වලට කිසිදු දේශපාලන රැකවරණයක් මේ වනවිට නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ඇති බවද පැවසු ආරක්ෂක ලේකම්වරයා, ගිනිඅවි සම්බන්ධයෙන් මේ වනවිට විගණනය සිදුකර සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය යටත ගෙන ඇතැයි ද පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.