මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ ය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි.
“මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග හා සැලසුම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගතයේ අපේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙතැයි මම තරයේ විශ්වාස කරනවා. වර්තමානයේ දී අපේ රටවල් මට්ටමිනුත් කලාප මට්ටමිනුත් ලෝක මට්ටමිනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. සංකීර්ණයි. මේ ප්‍රශ්න නොතකන සමහරු තමන්ගේ ආත්මාර්තකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න වෙන බව තම තමන්ගේම හුදකලා චාරිකාව අවසන් කරනවා. ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානය යොමු කරනවා. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සහ ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තිබෙනවා. ගෞරවනීය අමුත්තනි ඔබ ඇතැම්විට මැද පෙරදිග නියෝජනය කරනවා විය හැකියි. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් නියෝජනය කරනවා විය හැකියි. අප සියලුදෙනා මුහුණදෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු යන්නයි.
අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුයි කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා. අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක් හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා. මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.