වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කරනු ලැබීය.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්ය සාකච්ඡාවක් කැඳවා තිබු අතර කෘෂිකර්ම අමාත්ය ලාල් කාන්ත රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව මෙසේ සඳහන් කළේ ය.
 
“නාඩු වී වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120ටත්
 
සම්බා වී කිලෝ එකක් රුපියල් 125කටත්.”
 
“කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා….සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”
 
නියෝජ්ය ඇමති නාමල් කරුණාරත්න ද සාකච්ඡාවට එක්විය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.