අපි බාල ගල් අඟුරු ගේන්න එපාමයි කිවුවා ඒත් ආණ්ඩුව ඇහුවේ නෑ-නාමල් රාජපක්ෂ
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටි යි.
යුද්ධයට මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ මරු පහරක් බව උන්වහන්සේ කියා සිටියේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමිනි.
ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව ද කියා සිටි කාදිනල් හිමි, මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදාකරලීම බව ද කියා සිටියහ.
ඉන් අනතුරුව පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණ කළ බව ද කාදිනල් හිමි පැවසුහ.
විනාශකාරී යුද්ධය නිසාවෙන් මව්බිම ගැඹුරු ආර්ථික පරිහානියකට ගොඳුරු වූ බවත් පැවසු උන්වහන්සේ, මෙම ගමන්මඟ පසුගිය දශක දෙක තුළ වඩාත් උත්සන්න වූ බව ද කියා සිටියහ.
"අරගලය නැමති ජනතා නැගී සිටීමෙන් පසුව ස්ථාපිත වූ රජය ද බොහෝවිට ක්‍රියා කළේ, මේ වියරුවේ ක්‍රමවේදය හරහාය. පැවති රජයන් සමස්තයක් ලෙස ගත්කළ 1978න් පසුව බොහෝවිට ක්‍රියාකළේ, ඒකාධිපති බලතල තමන්ට රිසි ලෙස භාවිත කරමිනි. මේ අයගේ දරුණුම ක්‍රියාදාමය වුයේ, රටේ නීතිය තමන් කැමති ලෙස යොදවා ගන්නට නිරිලජ්ජිතව ක්රියාකිරීමයි. උසාවිය මර්දනයට හා උසාවියෙන් ලබාදුන් තමන්ට අවාසි සහගත තීන්දු තීරණ අවතක්සේරුවට භාජනයට වන අයුරින් ක්‍රියාකරන අයුරු අපි දුටුවෙමි. යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහිවු ඒකාධිපති වියරුව තුළ තමන්ට රිසි ලෙස පාර්ලිමේන්තුවේ තමන් සතු අසීමිත බලය හෘද සාක්ෂියකින් තොරව ඔවුන් අවභාවිත කළ රටාවක් රට තුළ බිහිවුණි...
මේ රටේ දැන් පවතින සියලුම ව්‍යවසනයන්ට හේතුවෙන ඒකාධිපති ව්‍යවස්ථාව අප රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස ද අපේ රටේ නුතන ප්රජාතන්ත්රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙස ද අවනීතියට ඉඩදුන් අසාධාරණ ව්‍යුහයන්ගේ සංක්ෂිප්තය ලෙස ද සැලකිය හැකි නිසා එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. වත්මන් ව්‍යවස්ථාවට අනුබල දීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට තවදුරටත් කළ නොහැකියි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.