තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩිව මතු කළ අග්‍රාමාත්‍යවරිය එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බව අවධාරණය කර තිබේ.
මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එක ම ප්‍රතිපත්තියක් මත පදනම් ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සකස් කර නීතිමය රාමුවක් යටතේ අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස අගමැතිවරිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
එම පොදු ප්‍රතිපත්තිය තුළ, පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවාගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් පැවසූ අගමැතිවරිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේ දී ම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ හා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටවන ලෙස මෙහි දී යෝජනා විය.
පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.