මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අද පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කෙරුණි.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.
එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්සි ද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළ කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ තිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටිමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
කතරගම ඉඩමක් ගැනත් ප්‍රකාශයක්
මේ අතර කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට යෝෂිත රාජපක්ෂ ජනවාරි 3 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අතර පැය කිහිපයක් ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඉන් පිටව ගියේය.
එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.
BBC Sinhala
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.