මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදු කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
බේරුවල නගරයේ ඊයේ (19) පස්වරුවේ පැවති ජාතික ජනබලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
"හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස පිළිබඳ තීන්දුවක් ගන්නවා. මම ලියුමක් දෙන්න හිතාගෙන මටනම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර තක්සේරුව ලක්ෂ 46යි. එක්කෝ 30,000ට වෙන ගෙදරක යන්න. නැතිනම් ඉතුරු ලක්ෂ 45 ගෙවන්න."
"හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවාලු. තර්ජනයක් තියෙනවානම් ආරක්ෂාව දෙනවා."
ඩීසල් රු.300ට වඩා පහළ ගියේ අපේ ආණ්ඩුවෙන්. හැබැයි සෑම මාසෙම අඩු කරන්න බැහැ. ඩීසල්වලට තියෙන බද්ධ අඩු කරන්න බැහැ. තෙල් සංස්ථාව කෝටි 90,000ක් ණයයි. විකුණන තෙල් ලීටරය ගානේ ණය ගෙවනවා. බද්ධ අයින් කරන්න වෙන්නේ ණය ගෙවපුවාම."
"ආරම්භයේදීම ඉන්දියාවේ සංචාරය කළා. සාම්පූර් බලාගාරය හදන්න එකඟ වුණා. ගිවිසුම ගැහුවේ අවුරුදු 20කට. බලාගාරයේ අයිතිය 50%ට 50%. කලින් විදුලිය දෙන්න හිටියේ ඒකකයක් ඩොලර් සත 07ට. ඩොලර් සත 5යි 97ට ගන්න සාකච්ඡා අවසන් කළා. දැන් ඒ බලාගාරය අපි හදනවා."
"තෙල් ටැංකි 99ක් තියෙනවා. අපි ටැංකි 24ක් අරගෙන IOC එකට 14ක් දුන්නා තව තෙල් ටැංකි 61ක් ඉතුරුයි. අපි ඉන්දියානු සමාගමත් එක්ක එකතු වෙලා එතන පුළුවන් නම් තෙල් පිරිපහදුවක් දලා. තෙල් පිරිපහදු කරලා මේ ගබඩාවල ගබඩා කරලා ලෝකෙට තෙල් විකුණමු කියාල."
"චීනයෙන් නැවත නොගෙවිය යුතු දසලක්ෂ විසිදහසක ප්‍රධානයක් දුන්නා. වරාය නගරයේ සම්මන්ත්රණ ශාලාවක් ඉදිකරනවා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් හම්බවෙනවා. මැදපෙරදිග සමඟ සාකච්ඡා කරනවා ආණ්ඩුවෙන් තෙල් ගේන්න. ඒ සාකච්ඡා වෙනුවෙන්. පෙබරවාරිවල මැදපෙරදිගට යනවා."
"හොරුන්ට මොකද වෙන්නේ අහනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. ඉස්සර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හැංගුවා. පෝද්දල ජයන්තට පහරදීමේ වෛද්‍ය වාර්තා නැහැ. වේගයෙන් නඩු පවරනවා කලබලවෙන්න එපා. නඩු කිහිපයක් ජනවාරි අග වැටෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.