තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.
මේ ගැන අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.
එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.