මහනුවර සහ නුවරඑළිය පාසල් හෙට සිට විවෘතයි
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.
මේ ගැන අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.
එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.