මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය.
"මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා.
ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල නායයෑම අවදානමක් තියෙන නිසා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න."
මේ අතර නොසිලිකිළිමත්ව කටයුතු නොකරන ලෙස ද මාර්ගය ජලයෙන් යටවී ඇත්නම් ඒ හරහා ගමන් නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"නිවෙස්වල තියෙන විවිධ දේවල් ජලයේ ගසාගෙන යන්න පුළුවන්. ඒවා ගන්න උත්සාහ කරන්න එපා. සමහර විට ඔබගේ ජීවිතය ඒ තුළ අහිමිවෙන්න පුළුවන්. ජලයේ ක්‍රීඩා කරන්න එපා. දරුවන් ගැන දෙමාපියන් සැලකිළිමත් වෙන්න. ඔබගේ නිවෙස් ආපදාවලට ලක්වෙලා නම් ආරක්ෂිත කඳවුරුවලට යන්න. නිවෙස්වල ආරක්ෂාවට උපරිම කටයුතු කරනවා. ඩ්‍රෝන කැමරා මඟින් ඉහළින් ගිහින් සොර සතුරන් ගෙන් ආරක්ෂා කරගන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. මධ්‍යම කඳුකරයේ රතු නිවේදන තියෙන තැන්වලින් කරුණාකරලා ඉවත් වෙන්න. කඳුකරයේ විශාල තෙතමනයක් තියෙනවා. අවධානම් කියන ප්‍රදේශවලින් ඉවත් වෙන්න. කඳුකර ප්‍රදේශවල යන වාහන පාර අයිනට ගන්න එපා. බස්රථ රියදුරන් අවධානය යොමු කරන්න මාර්ගයේ ඉස්සර කිරීමේ දී."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.