තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (6) පැවති කැබිනට් හමුවේ දී ඇමතිවරයා මෙසේද කීය.
"මගේ කාලය අපරාදෙ ඒ නිසා එතුමාට තනියම ඕන දෙයක් කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලා එතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. මීට ඉස්සෙල්ලා කළු ඇඳගෙන කඩුවකුත් අරන් ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියල සිංහයෙක් වගේ ආව ඒවා නිකම් විහිළු වෙලා තියෙන්නේ .
මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, සිංහයෝ බලා සිටිනවා මේක මම කියූ දෙයක් නෙවෙයි 90 දශකයේදී රිචඩ් ද සොයිසා මාධ්‍යවෙිදියා කිවිව ප්‍රසිද්ධ කියමනක් එදා කී ඒ ප්‍රකාශය අදට වඩාත් හොඳට ගැලපෙනවා ඇති."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.