තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.
මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ලැබෙන බවත් ඉතිරි තොගය ලබන මාසයේ ලැබෙනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82කි.
ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
අගමැති හරිනි අමරසූරිය විසින් නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහාවන චීන රජයේ ප්‍රදානය භාරගැනීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.