තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සරම්ප නිවාරණ සතිය අද(04) ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අද සිට ලබන 9 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක බවයි.
එසේම, අද සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළේ ය.
පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා රෝගීන් 1100 ක් වාර්තා වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළේ ය.
මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසීය හැකි ය.
0117446513 , 0117682722 , 011768 28 72 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.