තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පැවති ජනරැළියක් අමතමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කිවාය.
අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා.
අවුරුදු 75 ක් තිස්සේ, නිහඩව සිටි පිරිසක් කලබල වීමට පටන් අරගෙන. පාස්කු ප්‍රහාරය ගැන වචනයක් නොකියු අය ඒ තොරතුරු දැනගෙන ඒවා වසන් කරාය දැන් අපෙන් ඒ විමර්ශනය පිළිබඳව ප්‍රශ්න කරනවා. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි හොරු අල්ලන්නේ නැත්තේවිවිධ කතා කියන්න පටන් අරගෙනවිවිධ ප්‍රශ්න මතු කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඒකට කමක් නෑ ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවාඅපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයිමේ රට හදන්න සැලසුමක් ඇතිවයි ඒ ගැන අපි ජනතාව සමග කතා කළාඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.
අපිට කලබලයක් නෑ සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිල මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි යැයි අගමැතිනිය කීවාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.