තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද පස්වරු 03න් අවසන් වීමට නියමිතව තිබේ.
පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.