සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මෙරට මී උණ රෝගය පැතිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන මී උණ රෝගීන් සංඛ්‍යාව 7500කි.
ඩෙංගු රෝගීන්ගේ මරණ අනුපාතය ද ඉක්මවා මී උණ රෝගීන්ගේ මරණ අනුපාතය වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමින්ද මුතුකුඩ සඳහන් කළේ ය.
මී උණ රෝගය
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය රෝගය තවදුරටත් ව්‍යාප්තවිමට හේතු වන බැවින් ජනතාව මී උණ රෝගය කෙරෙහි අවධානයෙන් සිටිම ඉතා වැදගත් වේ.
මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි. මීයන්, ඌරු මීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර, එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන එම බැක්ටීරියාව මූත්‍රා සමග පරිසරයට නිදහස් වෙයි. කුඹුරු, දියකඩිති, දිය අගල් සහ ඔිවිටි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැදී තිබේ. ජලයේ රැදී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සිරීම් තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුළු වෙයි.
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන තද උණ හා මස්පිඩුවල විශේෂයෙන්ම බත්කෙණ්ඩ හා කොන්දේ තදබල වේදනාවයි. මෙයට අමතරව ඇස් රතුපැහැ වීම, වමනය, හිසරදය, මූත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවිම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද විය හැක.
කුඹුරු වගාවන් හා ඒ ආශ්‍රිත වෙනත් වගාවන් සිදු කරන ගොවීන් මෙම රෝගය ගැන දැනුවත් වන ලෙසත්, මීයන් බෝවීම පාලනය කිරිමට යොදාගන්නා පාරම්පරික හා නවීන ක්‍රම මගින් කුඹුරු ආශ්‍රිත මී ගහනය පාලනය කර ගැනිමට කටයුතු කරන ලෙසත්, රෝගකාරක බැක්ටීරියාවරැදී තිබීමට ඉඩ ඇති ජලය එක් රැස්වන ස්ථාන අවම කිරිමටත්, බැක්ටීරියාව ශරීර ගත විය හැකි සීරීම්, කැපුම් තුවාල, වතුරට ඔරොත්තු දෙන සැරහුවමකින් ආවරණය කිරීමටත් වගබලා ගැනීම මගින් රෝගය ඇතිවීම වළක්වා ගත හැක.
එමෙන්ම මී උණ බහුලව පවතින ප්‍රදේශවල කුඹුරු ගොවිතැන්වල නිරත අවධානම් කාණ්ඩ සදහා ලබාදෙන ඖෂධය ලගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගැනීමෙන් මෙම රෝගය ඇතිවීම වළක්වා ගත හැක. මෙම ඖෂධය ලබාගත යුත්තේ සතියකට එක්වරක් පමණි.
මෙම රෝගය වැළදුන විට රෝගයේ මුල් අවධියේ දී ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා සාර්ථකව සුව කළ හැක. එබැවින් ඉහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමටත්, ඔබ ඉහත ස්ථාන ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල යෙදුන බව වෛද්‍යවරයාට දැන්වීමටත් වගබලා ගත යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාදවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති වී අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්විය හැක.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.