දිස්ත්‍රික්ක තුනක නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කරයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
වැඩි කළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ සඳහන් කළේ, වැඩි කළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම් දීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරෙනු ඇති.
එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ පැවසුවේ ය.
හෙක්ටයාර් එකකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩිකිරිමට ජනාධිතිවරයා පසුගියදා පියවර ගත්තේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.