ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
යම් තැනැත්තෙක් මේ පිළිබඳ කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවද එහි දැක්වෙයි.
එමෙන්ම මෙම දඩ හෝ පොලී, අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද එහි සඳහන් ය.
තවද, ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ ' හිඟ බදු' පවතී නම්, ඒ සියල්ල 2024 ඔක්තෝබර් 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වේ.
එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවද එහි දැක්වෙයි.
එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම්, 1944 අංකය අමතා හෝ ආසන්නම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලය සමග සම්බන්ධ වී එම තොරතුරු ලබා ගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දන්වා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.