ගොවීන්ට වන්දි අද සිට
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
රාජ්‍ය ආයතනවල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් නොකරන බවත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් රජය සකස් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසයි.
අද (27) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශවල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා.
රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න.
රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.
රාජ්‍ය ආයතනවල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා.
තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතු වලදී සහ රාජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස”
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන අය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
රේගුව විසින් නිදහස් කළ බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.