තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙනුවට වැඩ බලන පොලිස්පති ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද දිනය තුළ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
දැනට පොලිස් පරිපාලන කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩබලන පොලිස්පති තනතුර සඳහා වඩාත් සමීව සිටිය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සඳහා සූදානම්වන රජය මේ අවස්ථාවේ දී වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරියව තෝරාගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කිසිම ඡෝදනාවක් එල්ල නොවන නමුදු එම ප්‍රහාරය සිද්ධවන අවධියේ සිද්ධියේ වගකීමට මුල්වන ප්‍රදේශයක් භාරව සිට බැවින් විමර්ශන අවසන්වනතුරු ඔහු පොලිසියේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට හිමි වගකීමේ රඳවා තබන්නට ද රජය තීරණය කර ඇත.
ප්‍රියන්ත වීරසූරිය යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත ගමනක් පැමිණි නිලධාරියෙකි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පහළම ක්‍රියාකාරිකයෙක් ලෙස දේශපාලනය අරඹා රටේ ජනාධිපතිවරයා දක්වා පැමිණි ගමන සේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරය පැමිණි ගමන ද විචිත්‍රය. ඔහු පොලිසියට එක් වන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසිනි.
වසර 158ක පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවයට බැඳී පොලිස්පති ධූරය දක්වා වූ ඉදිරි ගමනක යෙදෙන පළමු නිලධාරියා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අදූෂිත නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඉහළින්ම සිටින්නේය. ඔහු යුද සමයේ එල්ටීටීඊ මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාර දෙකකින් ජීවිතය බේරාගත් නිලධාරියෙකි. පොලිස් අධිකරීවරයෙක් ලෙස කල්මුනේ සේවය කරමින් සිටිය දී ඔහු මේ තර්ජනවලට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත් පොලිස්පති ධූරයේ ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථාමය වෙනසක් ඇති කර එම ධූර කාලය වසර තුනකට සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය රජය වකවානුවේ ද ඇති වී තිබිණ. ඒ තත්ත්වය තුළ ලලිත් පතිනායකට ද පොලිස්පති ධූරයේ අවස්ථාව විවර වනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.