පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට ඉකුත්දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබේ.
ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ පැවසුවේ, බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් ඉකුත් 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස සහන් ප්‍රදීප් විතාන වෙත ලබාදී ඇත.
එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්වී තිබුණි.
එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද පැවසෙයි.
එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉල්ලීමක් කළ ද එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවද ලේකම් ධම්මිකා කේ. විජේසිංහ පැවසුවාය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.