තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට ඉකුත්දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබේ.
ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ පැවසුවේ, බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් ඉකුත් 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස සහන් ප්‍රදීප් විතාන වෙත ලබාදී ඇත.
එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්වී තිබුණි.
එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද පැවසෙයි.
එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉල්ලීමක් කළ ද එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවද ලේකම් ධම්මිකා කේ. විජේසිංහ පැවසුවාය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.