සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවේදීය.
පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.
දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න ලෙසට, හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.
“පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න.
ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි වුණත් පාසල්වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ්වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලු වලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල් වල තියෙන ප්‍රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටළු මේ පරපුරේ තියෙනවා.”
dinamina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.