ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව සැකකරුවන් 14ක් මෙරටට
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය.
මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස් ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද ඔහු කීවේය.
මැතිවරණයෙන් පසු කුමන හෝ ප්රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය ත්‍රිවිධ හමුදා වට පිරිස් වලට දැනටමත් උපදෙස් ලබා දී ඇත.
එවැනි ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී ඇත.
මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රැස්වීම් පෙළපාළි තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාලි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණයේ දැනට පවතින සාමකාමී තත්ත්වය ඉදිරියටද පවත්වාගෙන යෑම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දැනටමත් නිකුත් කර ඇති බවයි.
ජය පරාජය සතුටින් භුක්ති විඳීමට දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශ්ව අදිටන් කර ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට තම ආධාරකරුවන්ට සහ හිතවතුන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලට දැනුම්දී ඇත.
(lankadeepa - සුජිත් හේවාජුලිගේ )
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙන අතර මේ නිසා ඔවුන් හැඳින්වීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසින් පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.