මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කිරීම සහ එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වන අවස්ථා දැකිය හැකි බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
උදාහරණ ලෙස කටුනායක ගුවන්තොටුපොල දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරි නීතිය පනවන ලද අවස්ථා වලදී ලබාගන්නා ලද වීඩියෝ දර්ශන යනාදිය බවයි.
මෙවැනි වීඩියෝ දර්ශන මෙලෙස නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජගත වන අතර පෙර සිදුවීම් වලට අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම මහජනයා නොමග යැවීමක් ලෙස සලකනු ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි.
එය රට තුළ නීතිය හා මහජන සාමය ආරක්ෂා කිරීමටද සෘජු ලෙස බාධා විය හැකි අතර කරුණු නොදන්නා හෝ තහවුරු නොවූ මෙවැනි සංවේදී වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කිරීම හා බෙදාහැරීමෙන් වළකින ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.