ජල සැපයුම සීමා කරන්න යයි ?
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු හතළිස් එකක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.
එහිදී සැකකරු විසින් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් පැමිණිලි කරුට ලබා දී ඇති අතර එහිදී පැමිණිලිකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට උරණ වී සැකකරු පැමිණිලි කරුට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පහර කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.