මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වන්නේ වට්ටපු මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට බව එම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
දිනුම රටට රට අනුරට ජනරැලි මාලාවේ තවත් රැළියක් අද (16) අකුරැස්සේ දී පැවැත්වු අතර ඔහු එහිදී මෙම අදහස් දැක්විය.
"මේ දින තුන හතර ඇතුලත ගහන්න පුළුවන් අවලාද, කරන්න පුළුවන් කුමන්ත්‍රණ සියල්ලම කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ පොදු ජනතාව ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කළා පහුගිය කාලේ. සජිත් ප්‍රේමදාසට උදව් කරන සමහර හාමුදුරුවන් වහන්සේලා කියනවා අපි ආවම දාන ගේන එක නතරවෙනවා කියලා, ජාතික කොඩිය නැති කරනවා කියලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය අයින් කරනවා කියලා. හැබැයි අන්ත ජාතිවාදී සංවිධාන වේදිකාව උඩ තියාගෙන තමයි මේවා කියන්නේ. සජිත්ගේ වේදිකාවේ ඒවා කියනකොට රිෂාඩ් බදියුදීන් ඉන්නවා, යාපනයේ TNA නායකයොත් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවලාදවලට පමණක් සිමා වෙන තැනට අසරණ වෙලා තියෙනවා. ඒක අසරණභාවයේ කලබලවිමේ ප්රකාශනයක්. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවම රටේ අස්ථාවරභාවයක් ඇතිවෙනවලු. ඩොලරය ඉහල නගිලු, තෙල්,ගෑස් නැතිවෙයිලු. දැන් ඕවා නැතිකළේ කවුද? නැතිකළේ ඒ ගොල්ලෝ නේ. ගෙවාගන්න බැරි සියලු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුනලා ගත්තු ණය රනිල් වික්‍රමසිංහ ගත්තුවා. එහෙම කරපු රනිල් කියනවා අපි ආවම ආර්ථිකය වැටෙනවලු. ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්නේ ඔයගොල්ලෝ වට්ටපු ආර්ථිකය ගොඩ නගන්න. රනිල් සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි ලෑස්තියි මේ රට බාර අරගෙන මේ රට එකින් එක ගොඩනගන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.