මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ බලයටපත්ව පසු දින තමන් ආරම්භකළ සියලු නිවාස ව්‍යාපෘති අත්හිටවූ බවත් ඔහුගේ පුරප්පාඩුවටපත්වූ රනිල් වික්‍රමසිංහ එම ක්‍රියාවම සිදුකරමින් ජනතාවගේ නිවාස සිහිනය විනාශකර දැමූ බවත් උතුරු නැගෙනහිර අසම්පූර්ණ උදාගම් නිවාස ව්‍යාපෘති අවසන්කර ජනතාව දුගී දුප්පත්කමින් මුදාගන්නා බවත් සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස එලෙස පැවසූයේ සමගි ජන බලවේගයේ කිලිනොච්චිය දිස්ත්‍රික් ජනාධිපතිවරණ ජන රැලියකට ඊයේ (15) එක්වෙමිනි.
"ඒ ආරම්භ කළ සෑම නිවාස යෝජනාවක්ම ගෝඨාභය රාජපක්ෂ නතරකළා එහෙත් රනිල් වික්‍රමසිංහට ඒවා ආරම්භ කිරීමට උනන්දුවක් තිබුනේ නැහැ. 21 වැනිදට කිලිනොච්චිය ජනතාව මා ජයග්‍රහනය කරන කොට අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති උදාගම් ව්‍යාපෘති අප අවසන් කරලා ඒවා නැවත වරක් ජනතාව අතට පත්කරනවා නොවෙයි අලුතෙන්ම ගෙවල් හදන අලුතෙන් උදාගම්මාන ඇතිකරන යුගයක් අපි මේ කිලිනොච්චියෙන් ආරම්භ කරනවා කියා මේ අවස්ථාවේදී ප්‍රකාශකරනවා.
වැරදි අවබෝධයක් තබාගන්න එපා මා 2019 පරාජයවූ පසු නිවාස ව්‍යාපෘතිවලට මුදල් වෙන් කිරීම ගෝඨාභය රාජපක්ෂ නතරකළා රනිල් වික්රමසිංහත් ඒ අඩිපාරේ ගිහින් ගෝඨාභය රාජපක්ෂ කරපු වැඩේ දිගටම කරගෙන ගියා. ඒ නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගෙවල් හදන ව්‍යාපෘති අප යළි බිහිකරනවාමයි කියා කිවයුතුයි.
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තුලින් මුළු කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාව ආර්ථික ජන ජීවිතය ශක්තිමත් කිරීම අප බාරගන්නා බව කිවයුතුයි. මම ඔබට විශේෂ පණිවිඩ කිහිපයක් දෙනවා ඒ පණිවිඩ ඔබ මුළු කිලිනොච්චියෙ සෑම ජනතාවකටම මේ පණිවිඩය ලබාදෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.