මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනවද නැති ද යන්න පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසම පවසයි.
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12) පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක එසේ පැවසීය.
මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් ඔහු කීය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බව කී සභාපතිවරයා පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බව ද සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.