ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ මෙරට සාමකාමීම ආණ්ඩුව බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (10) ගිරිතලේ පැවති ජනහමුවක දී ය.
"සියයට 3 කවදාවත් දිනන්න බෑ කිව්වා. දැන් එහෙම කතාවක් ඇහෙනවා ද? නෑ දැන් කියන්න පටන් අරන් තියෙනවා ජාතික ජන බලවේගය දිනුවොත් මෙහෙම වෙයි, මෙහෙම වෙයි, මෙහෙම වෙයි, බයක් හදනවා. මම කියන්නේ සැප්තැම්බර් 22 ඔවුන්ට කියන්න වෙන්නේ දිනුවා කියලා කියන්න. ඒ ගැන සැකයක් තියාගන්න එපා. හැබැයි ඔවුන් විශාල බියක් සමාජ වෙත ඇතිකරමින් තිබෙනවා. සමහර අය කලබල වීම පුදුමයකට කරුණක් නෙවෙයි. මහ බැංකු වංචාවට අහුවුණ අය, සංස්කෘතික අරමුදලේ මහා ධනය නාස්ති කරපු අය, නිවාස අරමුදලේ ධනය නාස්ති කරපු අය, ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අය, අරක්කු ෆැක්ටරි තියෙනවා බදු ගෙවපු නැති අය, කෝටි ගණන් මහජන බැංකුවෙන් සල්ලි අර බොල් ණයවලට කපා හරින්න උත්සහ කරන දයා ගමගේ ලා කලබල වෙන්න ඕන. හැබැයි සාමකාමී කිසිදු පුරවැසියෙක් කලබල විය යුතු නැහැ. ජාතික ජන බලවේගය හදන්නේ ලංකාවේ සාමකාමීම ආණ්ඩුව බව මතක තියාගන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.