මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට ඊයේ (08) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයක් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 125ක් පමණක් පසුපසින් සිටියි.
ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටින ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 53ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියහ.
දැවීගිය පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න ලකුණු 08ක් රැස් කිරිමට සමත් විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 263ක් පමණි.
කෙසේ නමුත් ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තයට එවර රැස්කිරීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 156ක් පමණි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉලක්කය ලකුණු 219කට සීමා විය.
තරගයේ සිව්වැනි දිනය වන අද (9) දිනයේදී ශ්‍රී ලංකාවට තරගයේ ජය තහවුරු කරගැනීමට හැකිවුවහොත් එය වසර 10කට පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව ලබන පළමු ජයග්‍රහණය වනු ඇත.
ශ්‍රී ලංකාව අවසන්වරට එංගලන්තය ටෙස්ට් තරගයකදී පරාජය කර ඇත්තේ 2014 වසරේදී ලීඩ්ස්හිදී පැවති තරගයකදීය.
ඉන් පසු ශ්‍රී ලංකාවේදී මෙන්ම එංගලන්තයේදී ද ටෙස්ට් තරග 10ක් පැවැත්වී ඇති අතර, ඉන් 2016 වසරේ ලෝඩ්ස්හිදි පැවති තරගය ජයපරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න සියලුම තරග ශ්‍රී ලංකාව පරාජය වී ඇත.
එමෙන්ම මෙම තරගය පැවැත්වෙන ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන දෙවැනි ටෙස්ට් තරගය වන අතර, අවසන් වරට මෙහි ශ්‍රී ලංකාව තරගයක් ක්‍රීඩාකර ඇත්තේ මීට වසර 26කට පෙරය.
1998 වසරේදී පැවති එම තරගය ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ 05වැනි ටෙස්ට් තරගය වූ අතර, එම තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක පහසු ජයක් ලැබීමටද සමත්ව ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.