විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබේ.
මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
* ඡන්ද දායකයා හඳුනාගත හැකි පරිදි යම් දෙයක් ලියනු ලැබූ හෝ සලකුණු කරනු ලැබූ විට,
* කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැතිවිට,
* එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට,
* දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇතිවිට,
* එක හැර වෙනත් සලකුණක් සමග 2, හෝ 3 මනාප සලකුණු කර ඇතිවිට,
* 1,2,3,ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට
ඡන්ද පත්‍රිකාවක් ප්රතික්ෂේපවිය හැකි බව යි.
එසේම, මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන හා තුන්වන මනාපයත් සලකුණු කළ හැකියි.
කෙසේ වෙතත් ඡන්ද දායකයාට අවශ්‍ය නම් ඡන්දය පමණක් ප්‍රකාශ කළ හැකියි.
ඡන්ද දායකයා, ඡන්ද පත්‍රිකාවේ තමන් කැමැති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසෙහි එක ඉලක්කම සලකුණු කර, ඡන්දය ප්‍රකාශ කළ යුතු වේ.
අනතුරුව දෙක සහ තුන දරණ ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකියි.
ඡන්ද පත්‍රිකාවක ඡන්ද දායකයෙකු විසින් සිය දෙවන හෝ තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.