ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි.
මේ අතර අජිත් දොවාල් අද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවී අදහස් හුවමාරු කරගත් බවද වාර්තා විය.
අගමැති හමුවෙයි
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුව තිබුණි.
එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ දොවාල් ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා තිබේ.
බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට මෙහිදී ස්තුතිය පළ කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව පැවසේ.
තවද සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන පුහුණුව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට සිය ස්තූති පළකර සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.