ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගත යුතු මිල ගණන් ඇතුළු තීරණ කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන ආරම්භ කර ඇති අතර, යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම පිණිස දැනමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වී මිල දී ගැනීමේ තරඟකාරීත්වය ඉහළ නැංවීම සහ එළඹෙන මහ කන්නයේ නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී:
* 2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රීයව සහභාගී වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීම.
* වී අලෙවි මණ්ඩලය මඟින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105/- බැගින් ද, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115/- බැගින් ද, කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130/- බැගින් ද මිල දී ගැනීම.
* එළඹෙන මහ කන්නයේදී උපරිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස දැනට හෙක්ටයාර එකක් සඳහා ගෙවනු ලබන රුපියල් 15,000/-ක් වන පොහොර සහනාධාරය හෙක්ටයාර එකක් සඳහා රුපියල් 25,000/- දක්වා වැඩි කිරීම.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.