හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි ට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කළේය.
ඒ. එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.
එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබීය.
එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවය.
ඒ. එච්. එම් ෆවුසි ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.