ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

කුකුළේ ගඟ ජලාශය වාන් දමයි
කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග ඉන්ජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී.ඩබ්.ඒ. සකුරා දිල්තාරා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.
මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ගතවූ පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමග කළු ගඟෙහි ජල මට්ටම් සැලකියයුතු ලෙසින් ඉහළ යමින් පවතින බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.