විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානී රෝහණධීර සඳහන් කළේ, ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන තීන්දුව මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව හෙට එම අධිකරණ තීන්දුව ලබාගෙන, මැතිවරණ කොමිසම දැනුවත් කරන බව, ඇය සඳහන් කළේ ය.
මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු, පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය, නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, පසුගිය 9 වැනිදායි.
ඒ, පක්ෂ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් නිශ්ප්‍රභ කරමිනි.
මනූෂ නානායක්කාර ගේ මන්ත්‍රී ධුරයට, මනාප ලැයිස්තුව අනුව, බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් කිරීමට නියමිතයි.
හරීන් ප්‍රනාන්දු ගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සෙකු මෙතෙක් නම්කර නොමැත.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.