1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පැවසුවේය.
එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබේ.
එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන්ය.
පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර තුනටිය ප්‍රදේශය පාගා ඇති බව වාර්තා විය.
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල ට ඇතුළු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.