තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.
ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ අනුව, අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10% ක් ලෙස අවුරුදු 2 ක කාලයක් සඳහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.