තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවය.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට සේවා කටයුතුවලින් ඉවත් වී තිබේ.
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද ඉදිපොළගේ සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.