1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය.
මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.
2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්ය.
එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.