විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයට චෝදනා කර සිටියි.
රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය ඇත්තේ එවැනි මිල නියාමනය ක්‍රමවේදයක් සකස් කිරිමට අපොහොසත් වීම නිසා බව යි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන්නේ.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.