වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම අද සිට ඩිජිටල් වෙයි
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ. ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබීය.
දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබු තීරණයත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
අදාළ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ අදහස් පළ කළේය.
"මට තේරෙන්නේ නෑ පොදුජන පෙරමුණ අවශ්‍ය මේ මැතිවරණය දිනන්නද? පරදින්නද? කියලා. ඒ නිසා පොදුජන පෙරමුණේ අති බහුතරය තීරණය කළා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීරණයක් තමා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම. මේ වෙලාවේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් විදියට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 80%ක් ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කළා. පළාත් සභාවලත් 90%ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න තීරණය කළා. පසුකාලීනව මේ ගත්ත තීරණය ගැන පොදුජන පෙරමුණ පසුතැවිලි වෙයි. පක්ෂය අපිව අයින් කරනවා නම් මහින්දානන්දලා, රත්වත්තේලා, අමුණුගමලා, ජයරත්නලා නැතුව පුළුවන් නම් ගිහින් මහනුවර දේශපාලනය කරන්න කියන්න. මිනිස්සු ඉන්නේ අපි එක්ක."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.