තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.
ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීමටය.
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වී තිබුණි.
එලෙස විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගේ දේශපාලන කාර්යාලයට රැස්වී සාකච්ඡාවක නිරත වුණි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගීත්වයෙනි.
මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වෙයි. ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීමටය.
තව ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බවය.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.