තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.
කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය.
වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු 1978 දී රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් කළු කොඩි ඔසවමින් විරෝධය දැක්වීම නිසාවෙනි.
ජාතීන් ගේ ස්වයං නීර්ණය අයිතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගේ වෛරයට පත්‍ර වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවස්ථා කිහිපයකදීම ප්‍රහාරවලට ද ලක් විය.
බාහු සහෝදරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි නව සම සමාජ පක්ෂය පවසන්නේ.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.