මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මූතූර් , දාහානගර් ගම්මානයේ නිවසක සිටි සහෝදරියන් දෙදෙනකු අද උදෑසන 7.30ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණි.
එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු 68ක හා 74ක කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්.
ඔවුන් සමග සිටි 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සුළු තුවාල ලබා අද උදෑසන රෝහල්ගත කරනු ලැබීය.
පසුව මූතූර් පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවය.
ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය ද්විත්ව ඝාතනය සිදුකළ බව පාපොච්ඡාරණය කළ බව පොලීසිය සඳහන් කළේය.
සිය මිත්තණියන් දෙදෙනා තවත් මුනුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබේ.
ඝාතන සිදුකරන අවස්ථාවේදී ඒ සඳහා භාවිත කළ තියුණු ආයුධයට තම අතද තුවාල වූ බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත.
සිය මව රාත්‍රී සේවා මුරය සඳහා සේවයට ගොස් සිටියදී මෙම ඝාතන සිදුකළ බවත් මියගිය කාන්තාවන් දෙදෙනා අතර අදාළ කාන්තාගේ මවද සිටී.
සැකකාර දැරිය හෙට (15) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.