1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ මහ මොළකරු යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ, තවත් පොලිස් කණ්ඩායමක් අවශ්‍ය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් දෙකක්ද එම මෙහෙයුමට සම්බන්ධ බවත් සුනිල් වටගල පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සහ එම ඝාතනය මෙහෙය වූ විදෙස්ගත පාතාල කල්ලි නායකයින් හැකි ඉක්මනින් මෙරටට ගෙනා ඒමට කටයුතු කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.
මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට විදේශ රටකට පැන යාමට නොහැකි වී ඇති බවත් ඇය මෙරට තුළ සිටින්නේ යැයි තොරතුරු වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙය වූ ආකාරය සහ කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් සිට වෙඩික්කරු සමග මිතුරු වී ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන තොරතුරු රැසක් පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
සුනිල් වටගල පවසන්නේ, වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීම නිසා ඉතාමත් පහසුවෙන් වෙඩික්කරුවකු වශයෙන් එම ඝාතනයට පුහුණු කර ගැනීම පහසු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සහය දැක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ද බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඩුබායි සිට ඝාතනය මෙහෙය වූ අපරාධ මිනීමැරුම් සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය සහ ඔවුන් එම පාතාල කණ්ඩායම් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු කර ගත්තේ ද යන්න පරීක්ෂණ කරන බවද නියෝජ්‍ය අමාත්‍ය වටගල වැඩිදුරටත් පැවසුවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.