විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ඊයේ (11) ගොනු කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් තීව්ර වු බවද සඳහන් කරන්නීය.
රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.
නීතීඥ ශානිකා සිල්වා මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් වගඋත්තරකාර තිස්ස අත්තනායක අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.